Home Local News ණය ගන්නවා හැර විකල්පයක් නෑ…

ණය ගන්නවා හැර විකල්පයක් නෑ…

0

වාර්ෂිකව ඉහළ අයවැය හිගයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.

අලුතෙන් පත්වූ ජනපති ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ ඉහල ප‍්‍රකාශකයෙකු මේ බව මේ බව සඳහන් කළේය.

විවිධ රජයන් වාර්ෂිකව ඉහළ අය වැය හිගයකට මුහුණ දුන් ඉතිහාසය සිහිපත් කළ ඔහු එම ණය බරින් නිදහස් වීමට නම් අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට සාර්ථකව එම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන්නේය.

එලෙස රජයට දැරිය හැකි ආදායම් වියදම් මූල්‍යමය තත්ත්වයක් ඇති කරලීමේදී හැකි තරම් ජනතාවට බරක් නොවන ආකාරයට බදු ආදායම් එක් රැස් කර ගැනීම කළ යුතු බව ඔහු කීය.

රජයේ දේශීය ණය තොගය පිළිබඳව ඇතැම් දෙනා යම් යම් පෞද්ගලික න්‍යාය පත්‍ර, නිර්ධය විවේචනයන් සිදුකළද රජයක් ලෙස එය කළමනාකරණය කිරීමට යාමේදී විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව තම අදහස යැයිද හෙතෙම කීය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version