Home Local News පෙට්‍රල් සහ ඩීසල් 150ට දෙන්න පුලුවන්!

පෙට්‍රල් සහ ඩීසල් 150ට දෙන්න පුලුවන්!

0

බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැන්නක්,

“ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ.

අපි බලශක්ති ඇමති කාලයේ මිල සංශෝධනය කරන්න ඕනෑ වුණත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවය නැතිව ඒක කරන්න බැරි වුණා. දැන් එහෙම නෑ. මුදල් ඇමති ධූරය වගේම බලශක්ති ඇමති ධූරයත් දරන්නේ ජනපති අනුර කුමාර මැතිතුමා. ඒ නිසා බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්.

ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්.

මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ.”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version