Home Local News කයිවාරු ගහපු තරම් අඩු කරගන්න බෑ නේද?

කයිවාරු ගහපු තරම් අඩු කරගන්න බෑ නේද?

0

ඉන්ධන ආනයනය කර මෙරට ගොඩ බාන මිලට තවත් රුපියල් දහයක් එකතුකර අලෙවි කිරීමට හැකියාව තම ආණ්ඩුවකට ඇති බව අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර එහ හැන්සාඩ් ගත වී ඇතැයි හිටපු රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතා සඳහන් කරයි.

ඒ අනුව දැන් එය ඉටුකිරීමට කාලය එළැඹ ඇති බවත් අද වන විට වරායෙන් පෙට්‍රල් ලීටරයක් ගොඩ බාන්නේ රුපියල් 160ක මුදලකට නිසා දැන් ඔහුගේ ප්‍රකාශය අනුව 170ට පෙට්‍රල් ලීටරයක් ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.

කොළඹදී මේ මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති පොරොන්දුව ඉටු කළහොත් පෙට්ටල් හා ඩීසල් යන ඉන්ධන වර්ග දෙකම රුපියල් 170-190 අතර මිල ගණන් වලට ලබා ගැනීමේ හැකියාව ජනතාවට උදාවෙනු ඇති බවත් හෙතෙම එහිදී තවදුරටත් කියා සිටියේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version