Home Local News ගෑස් මිල ඉහලට!

ගෑස් මිල ඉහලට!

0

ශ්‍රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන ‘ Saudi Aramco’ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබේ.

එ් අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 629 දක්වා ඩොලර් 33 කින් ඉහල දමා ඇත.

මෙම තත්ත්වය මත මෙරට ගෑස් වෙළඳපළේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් වියදම ආවරණය කරවා ගැනීම සඳහා රුපියල් 200කට ආසන්න මුදකින් මුදලකින් ඉහළ නැංවිය යුතුව ඇත.

එම මුදල ඉහළ නංවන්නේ නැතිනම් සමාගම මෙතෙක් ලබා ඇති ලාභයෙන් එම වියදම ආවරණය කරවා ගැනීමට සිදුවනු ඇත.

මාසික ගෑස් මිල සංශෝධනයද අද හෝ හෙට දින ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version