Home Local News 58% ක් අනුරට විරුද්ධයි!

58% ක් අනුරට විරුද්ධයි!

0

ජනාධිපතිවරණය, 42% ක ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානයක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට සුබ පතන අතරම ඡන්දදායකයින්ගෙන් 58%ක් ඔවුන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව මතක තබාගත යුතු බව , පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මේ අතර, දෙවැනි මනාපය ගණනය කරන අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඡන්ද-පළ නියෝජිතයින් නොමැතිව එම ගණනය කිරීමේ කටයුතු සිදුකිරීම සම්බන්ධව එම පක්ෂය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.

එම අවස්ථාවට එක්ව සිටි පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ ඇතැම් නිලධාරීන් පක්ෂග්‍රාහී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකළ බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version