Home Local News නාමල්ගේ ළමයින් රට ගියා කියන කතාව බොරුවක්!

නාමල්ගේ ළමයින් රට ගියා කියන කතාව බොරුවක්!

0

අද (20) උදෑසන විදේශගත වූ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මහමැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඉතා කඩිනමින් දිවයිනට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පරීක්ෂණයක් හේතුවෙන් බැසල් රාජපක්ෂ මහතා විදේශ ගත වූ බවයි.

”බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා විදේශගත වෙන්න නියමිතව තිබුනේ මිට සති කිහිපයකට පෙර. එත් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ඔහු අවසන් මොහොත දක්වාම දිවා රාත්‍රී නොබලා වැඩකලා. ඔහු විදේශගතවන බව පක්ෂයට දැනුම් දීලයි තිබුනේ..

වෛද්‍ය පරීක්ෂණවලින් පසුව, ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉක්මනින්ම එනවා.”

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ දරුවන් දෙදෙනා ඔහුගේ නැන්දනිය හා මාමණ්ඩිය සමග අද (20) උදෑසන විදේශගතව ඇතැයි ඇතැම් සමාජ මාධ්‍යවල පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.

නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම කිරි වෙහෙරේ ආගමික කටයුතු සඳහා සහභාගී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version