Home Uncategorized ලක්ෂ 20ක වැඩි චන්දයෙන් මම ජනාධිපති වෙනවා!

ලක්ෂ 20ක වැඩි චන්දයෙන් මම ජනාධිපති වෙනවා!

0

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද ලක්ෂ විස්සට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තමන් ස්ථිරවම මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බව සමගි ජන බලවේග ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජයග්‍රහණය කළ පසු තමන් ජනතාවාදීව යුතුකම් සහ වගකීම් ඉටු කරමින් මෙරට පළමු ස්වේච්ඡා ජනාධිපතිවරයා බවට පත්වන බවත් ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

අපි අනිවාර්යයෙන්ම වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජයග්‍රහණය කරනවා, ඒක ස්ථිරයි. මම සහතික වෙනවා ඒ ජයග්‍රහණයට. විශෙෂයෙන්ම මම කියන්න කැමතියි අපේ රටේ ලේ පිපාසිත ම්ලේච්ඡත්වය, තර්ජනය, ගර්ජනය, ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට ඔබ බය වෙන්න එපා බිය සැක සංකා ඇති කරගන්නේ නැතිව ඡන්දපොළට ගිහිල්ලා ඔබගේ ඡන්දය පාවිච්චි කරන්න.

අපට පක්ෂව දෙන අයට විපක්ෂව දෙන අයට දෙගොල්ලොන්ටම පණිවිඩයක් දෙන්න කැමතියි. ඔබ සියලු දෙනාම අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරනවා. නීතිය හා සාමය අකුරටම ශක්තිමත්ව ක්‍රියාත්මක කරවනවා. මොනම ආකාරයකින්වත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරවන්නට අපි ඉඩදෙන්නේ නෑ.

මම ඔබට පොරොන්දු වෙනවා ජනාධිපති හැටියට මම ඔබව හමුවෙන විට කිසිම වෙනසක් සිදුවන්නේ නෑ. වඩාත් නිහතමානීව වඩාත් ජනතාවාදීව වඩාත් පොදුජන කේන්ද්‍රීයව මම විතරක් නෙවෙයි මමත් මගේ කණ්ඩායමත් ඒ යුතුකම වගකීම අකුරටම ඉෂ්ට සිද්ධ කරන්නට සැදී පැහැදී සිටිනවා.

ම විශ්වාස කරනවා මේ රටේ සුවහසක් ජනතාව මේ රටේ නවවන විධායක ජනාධිපතිවරයා හැටියට මාව පත්කරයි කියලා. ඒ ජනතාවට මම කියන්න කැමතියි ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්වේච්ඡාවෙන් වැඩකරන ජනාධිපතිවරයා බවට මම පත්වෙනවා.”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version