Home Local News නාමල් ජනාධිපති වෙන සමීක්‍ෂණයක් එලියට!

නාමල් ජනාධිපති වෙන සමීක්‍ෂණයක් එලියට!

0

මෙවර ජනාධිපතිවරණයෙන් 35%ක නිශ්චිත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයගත හැකි බව රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පවසයි.

‘මහින්ද චින්තන’ ප්‍රතිපත්තිය සමඟ තවදුරටත් ජනතාව සියයට තිස් පහක් නිශ්චිතවම රැඳී සිටින බවද එම ප්‍රමාණය නාමල් රාජපක්ෂ මහතාට හිමිවන බවද ඔහු පැවසුවේය.

මෙවර මැතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකුව සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වන බවත් 35%ක් ලබාගන්නා අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් හෙතෙම පැවසුවේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version