Home Local News රනිල්ගේ අභිරහස් රාජිත මුදා හරියි!

රනිල්ගේ අභිරහස් රාජිත මුදා හරියි!

0

සැලකිය යුතු කාලයක් කුරුමානම් අල්ලමින් සිට නිල වශයෙන් රනිල් වික්‍රමසිංහ සමඟ එක් වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රි රාජිත සේනාරත්න විදේශගත ශ්‍රී ලංකිකයන් හට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

ඊයේ (27) එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කර තිබෙන්නේ විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ ඡන්දය පාවිච්චි කිරීම මහත් විනාශයක් බව ය. “දූෂණය නැති කිරිම සඳහා අනුරට ඡන්ද දෙන්න මෙරටට නොඑන ලෙසත් එසේ පැමිණෙන්නේ නම් යළි රට හැර නොයන ලෙසත්“ තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේදී ඩොලර් මිලියන 6,000කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙටට එවා තිබේ. එමෙන් ම මේ වසරේ මුල් මාස 06 තුළ ඩොලර් මිලියන 1,350කට ආසන්න මුදලක් රටට උපයා දුන් මෙම පිරිසට එරෙහිව රනිල් වික්‍රමසිංහ දරණ වෛරී ආකල්පය රාජිත සේනාරත්න විසින් මේ ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version