Home Local News වැට් ඉවත් කර අනුර සල්ලි හොයන්නේ කොහොමද?

වැට් ඉවත් කර අනුර සල්ලි හොයන්නේ කොහොමද?

0

වැට් බදු ඉවත් කර රජයේ ආදායම් නැති කරගෙන ණය ගෙවන සැලසුම කුමක්දැයි සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ජාතික ජන බලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර කුමාර මහතාගෙන් ප්‍රශ්න කරයි. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම ප්‍රශ්න කිරීම කරනු ලැබුවේ වැට් බදු ඉවත් කරන බවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙනය.

සුජීව සේනසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී මෙසේ ද කීය.

අනුර කුමාර මහත්තයලා දැන් කියනවා තියෙන වැට් එක දැන් අයින් කරනවා කියලා. එහෙම වැට් අයින් කරලා අපට ආදායම් නැති කරගෙන අපට මේ ණය ගෙවා ගන්න ඉස්සරහට සැලැස්මක් නැත්නම් අයි.එම්.එෆ්. එක අපට නිකන් කන්න දෙන්නේ නැහැ.

අනුර කුමාර මහත්තයා කියනවා බිලියන සියයක් කියන්නේ කජ්ජක් කියලා. ඊට පස්සේ හඳුන්නෙත්ති කියනවා ජේ.වී.පී එකේ මුදල් ඇමැති කියනවා කළු සල්ලි සුදු කරලා දෙන්නම් කියලා. අනුර කුමාර කියනවා ඇප නැතිව ණය දෙනවා කියලා. ඇප නැතිව ණය දීලා පුළුවන් ද රට ගොඩ ගන්න. ඇප නැතිව ණය දුන්නොත් ඇප නැතිව මේ රටට යන්න වෙන්නේ.

රක්ෂණ ශ්‍රියන්ත

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version