Home Local News රියදුරු බලපත්‍ර මිලියන 1.1ක් අවලංගු කරයි!

රියදුරු බලපත්‍ර මිලියන 1.1ක් අවලංගු කරයි!

0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අලුත් කළ නොහැකි සියලුම රියදුරු බලපත්‍ර අවලංගු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සදහන් කරයි.

දිනෙන් දින වාර්තා වන අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඒ අනුව බර වාහන රියදුරු බලපත්‍ර මිලියන 1.1ක් පමණ අවලංගු කිරීමට නියමිත බව කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.

මේ හේතුවෙන් පීඩාවට පත් බලපත්‍රලාභීන් නියමිත සහන කාලයක් තුළ නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වන බවත් එම කාලය තුළ ඔවුන් නිසි වෛද්‍ය පරීක්ෂණවලට භාජනය විය යුතු බවද සදහන් කරයි.

ඉදිරියේදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රලාභීන් ලක්ෂ 10කගේ බලපත්‍ර අවලංගු කිරීමට සැලසුම් කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සදහන් කරයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version