Home Local News සජිත් දිනුවාම ඉන්දියාවටත් ගේම දෙනවා!

සජිත් දිනුවාම ඉන්දියාවටත් ගේම දෙනවා!

0

දක්ෂතාවය ඇත්තේ නම් මේ රට දියුණු කිරීම කජ්ජක් නොවන බව  සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි  සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා මෙවර ජනාධිපතිවරණයේදී අවස්ථාව උදාවී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා වසර පහක් යන්නට පෙර ඉන්දියාවටත් ගේම දිය හැකි රටක් හැදීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම මැතිවරණය උතුර දකුණ හොයා ගැනීමට බැරිවෙන ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට සූදානම් බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ රැලි මාලාව ආරම්භ කරමින් කුරුණෑගල පැවැති ජනරැළිය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version