Home Local News ඉන්දීයාව එපා කියූ ලෝක කුසලානය ගන්න ලංකාව සූදානම් වෙයි!

ඉන්දීයාව එපා කියූ ලෝක කුසලානය ගන්න ලංකාව සූදානම් වෙයි!

0

කාන්තා විස්සයි විස්ස ලෝක කුසාලනය ඉන්දීයාවේ දී පැවැත්වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලිය රැගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කළ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.

ඔහු‌ මේ බව ප්‍රකාශ කර ඇත්තේ, ‘ද හින්දු’ පුවත් පත සමඟ අදහස් පළකරමින්.

2024 වසරේ මෙම තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්වීම සැලැසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එරට තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ විරෝධතා හේතුවෙන් මේ වනවිට අදාළ සැලැසුම වෙනස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ඇතැම් රටවල බංගලාදේශයේ සංචාරය නොකරන ලෙසට සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබීමත් විශේෂත්වයක්.

මෙවන් පසුබිමක ICC විසින් ඉන්දීයාවේ අදාළ තරගාවලිය පැවැත්වීම සම්බවන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසීමක් සිදු කර තිබෙනවා.

ඊට පිළිතුරු ලබාදෙමින් ජේ ෂා ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීමට නියමිත පසුබිමක මෙය පැවැත්විය නොහැකි බවයි.

ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම ප්‍රමුඛත්වය දෙමින් දේශීය ක්‍රිකට් මණ්ඩලය සමඟ බංග්ලාදේශයේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව ද ICC මෙම සතිය මුල සඳහන් කළා.

මේ අතර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා වෙනත් සත්කාරකත්වයක් තෝරාගන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජගත් ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version