Home Local News වතු සේවකයින්ට 1700 ගෙවන්න එකඟයි!

වතු සේවකයින්ට 1700 ගෙවන්න එකඟයි!

0

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා වතු කම්කරු වැටුප පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත්, වතු කම්කරුවන්ට හිමි වසර ගණනාවක් ගෙවීම් අතපසු කර ඇති සේවක අර්ථ සාධක අරමුදල් ද ලබන වසරේ සිට ගෙවීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා,

“මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.. කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා.. ඒ වගේම රට භාර ගැනීමට නායකයන් හොයනවද ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.. වසර ගණනාවක් කම්කරු ජනතාවට හිමි සේවක අර්ථක සාධක අරමුදල් ගෙවා නැහැ.. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා.. දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා.. ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා.. අනිත් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා.. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා.. නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ..”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version