Home Uncategorized අපිත් හැදුවේ බංගලාදේශය වගේ මෙහෙත් කරන්නයි!

අපිත් හැදුවේ බංගලාදේශය වගේ මෙහෙත් කරන්නයි!

0

බංගලාදේශ අරගලය මෙන් මෙරට පාර්ලිමේන්තුවද අල්ලා ගැනීම සඳහා පහුගිය අරගල සමයේ අවස්ථාවක් තිබූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.


ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.


තම පක්ෂය එම එම කාර්යය සඳහා මූලිකත්වය ගත් නමුත් තැන තැන විසිරී පැතිරී සිටි අරගලයේ සිටි නායකයන් යැයි කියාගත් විවිධ අය එය වළක්වා ලනු ලැබූ බවද හෙතෙම පැවසුවේය.


අනතුරුව ඉතුරු පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ යළි ගොඩනැගුණු බවත් හෙතෙම එහිදී කීය.


අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් පන්නා දැමූ අරගලයෙන් සත පහක වැඩක් නොවූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.


ඒ මහතා මෙම අදහස් පලකරන ලද්දේ දේශීය ආදම් වෘත්තිකයන්ගේ 16 වන සමුළුව න් අමතමිනි

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version