Home Local News උපාධිය ගත් දරුවා අටපාස් මන්ත්‍රී පිටුපස යන යුගය අවසන් කරනවා!

උපාධිය ගත් දරුවා අටපාස් මන්ත්‍රී පිටුපස යන යුගය අවසන් කරනවා!

0

අවුරුදු දහතුනක අධ්‍යාපනයකින් පසුව පාසලෙන් එළියට යන දරුවා උපාධිය අරගෙන අට පාස් මන්ත්‍රී පිටුපස රැකියාවක් ගන්න යන යුගය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය.

මන්ත්‍රීවරියේ මෙසේ පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් යාපහුව, අබකොලවැව මං සන්ධියේදී පැවති ජන හමුවට එක්වෙමිනි.

මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය. අධ්‍යාපනයේදී මෙරට සියලුම දරුවන්ට සමාන ගුණාත්මක වටිනාකමක් ලැබිය යුතුයි. පාසල් අතර විෂමතා, ගුරුවරු අතර විෂමතා, සම්පත් අතර විෂමතා, නොතිබිය යුතුයි. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රියාවලිය විධිමත් කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නව රජයක් යටතේ සිදුකර සැමට සම අධ්‍යාපන අවස්ථා ලබා දෙනවා.

පුනරුද යුගයයි මේ ඇරඹෙන්නේ. අපි ඒකට සූදානම් වෙනකොට වසර හැත්තෑ හයක් මේ රට අධ්‍යාපනය විනාශ කළ නායකයෝ තවම මේ වෙනස පිළිගන්න සූදානම් නෑ. ජනාධිපතිවරණයෙන් රනිල්ට පැනලා යන්න බෑ. ඒකට මුහුණ දෙන්න වෙනවා. ඔහු පරාජය වෙන්නත් නියමිතයි. මැතිවරණය දිනන්න බැරි රනිල් ඒක අවුල් කරන්නයි මේ හදන්නේ. අධිකරණ තීන්දු ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ තීන්දු ප්‍රශ්න කිරීම අධිකරණයට කරන අපහාසයක්. ව්‍යවස්තාදායකය විධායකය හා අධිකරණය අතර ගැටුමක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ. මේ කිසිවකින් ජනාධිපතිවරණයට බලපෑමක් වෙන්නේ නෑ.

වන අලි ප්‍රශ්න උග්‍ර වෙලා. මිනිහෙකුට පාරට බහින්න බෑ. දරුවකුට පාසලට යන්න බෑ. ඒ තරමට අලි ගම් වැදිලා. පාලකයෝ මේ කිසිවක් ගණන් ගන්නේ නෑ. 2024 වර්ෂයේත් අලි ගමට ඇවිත් මිනිස්සු මරනවා කිව්වොත් අපි ලැජ්ජා විය යුතු නැද්ද? ජන ජීවිත රැකගෙන පරිසර හානිය අවම කරගෙන ඉදිරියට යන්න දැනුම, තාක්ෂණය, අධ්‍යාපනය අවශ්‍යයි. අනාගත ජාතික ජන බලවේග රජයක් යටතේ මිනිස් ජීවිත රකින බවට පොරොන්දු වෙනවා.

යාපහුව විජේරත්න/ www.divaina.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version