Home Local News අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000යි!

අගෝස්තු 01 වනදා සිට දීමනාව 8000යි!

0

ලබන මාසයේ සිට රුපියල් අටදහසක් දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සීමා වාසික පුහුණුව ලබන සහ මේ වන විට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

එම සිසුන්ට දැනට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවට දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට කළ දැනුවත් කිරීම් මත දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබුණේ මෙම වසර මුලදී බවයි පැවසෙන්නේ.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් අනුමැතිය ගත් නමුත් මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොමැති වීම නිසා බවයි වාර්තා වුනේ.

එහෙත් පවතින මුදල් කළමනාකරණය කර ගනිමින් දීමනාව වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

දැනට දිනක ආහාර වෙනුවෙන් සිසුවෙකුට ලැබෙන්නේ රුපියල් එකසිය හැටක් බවයි පැවසෙන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version