Home Uncategorized ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරට කරපු වැඩේ!

ඇමති ප්‍රමිත දඹුල්ලේ ගුරුවරු එක්ක අකුරට කරපු වැඩේ!

0

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම හා වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කිරීම හෙතුවෙන් පාසල් අධ්‍යාපනය ගැටලු සහගත තත්වයක පත්ව ඇති මොහොතක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් රු. ලක්ෂ 235 ක වැය කර නවීකරණය කල දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත් කරන ලදි. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් යොදවන ලදි.

නවීකරණය කරන ලද දඹුල්ල ප්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සවය සදහා හිටපු අමාත්‍ය පා.ම. ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද සහභාගී වූ අතර මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පාසලේ නඩත්තු හා නවීකරණය සඳහා අත්‍යාවශ්‍ය වූ ඇස්තමේන්තුගත රුපියල් ලක්ෂ 235 ක මුදලක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමාගේ මැදිහත්වීම මත වෙන් කරවාගෙන පාසලේ ගොඩනැගිලි, ජල, විදුලි, සනීපාරක්‍ෂක ඇතුලු සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකර සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යහපත් පරිසරයක සිට කරගෙන යාමට හැකිවන පරිදි සිසු අයිතියට පත් කොට ඇත.

ගුරු වෘත්තීය සංගම් අකුරට වැඩකිරීම ප්‍රකාශයට පත්කර ඇති මොහොතක වුවද, රටටම ආදර්ශයක් වෙමින් එම වෘත්තියේ ඇති ගෞරවය ආරක්‍ෂා කරමින් දඹුල්ල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුභවතුන් හා එම ප්‍රදේශයේ අධ්‍යාපන බලධාරීන් විසින් දරුවන්ගේ නැණ නුවණ පැදීම සඳහා පිටුවහලක් වන මෙම උදාර කටයුත්තට සහය දීම ඉතා සුවිශේෂී කරුණක් විය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version