Home Uncategorized කංජිපානි අල්ලන්න ප්ලෑනක්!

කංජිපානි අල්ලන්න ප්ලෑනක්!

0

දේශපාලන රැකවරණ ලබමින් ප්‍රංශයේ සැඟවී සිටින බව කියන පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා දැනුවත් කර ප්‍රංශ රජයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පැවසීය.

පාතාල නායක කංජිපානි ඉම්රාන්ට එරෙහිව මේ වනවිටත් ජාත්‍යන්තර පොලිසියේ රතුවරෙන්තු නිකුත් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියා සිටියි. කංජිපානි ඉම්රාන්ට අමතරව ප්‍රංශයේ සැඟවී සිටින කුඩු අංජු, රොටඹේ අමිල ඇතුළු තවත් පාතාල ප්‍රබලයන් කීපදෙනෙකුම මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

මෙම වැඩපිළිවෙළ යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවද මැදිහත්වී ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා සමග පුළුල් සාකච්ඡාවක් කර ඒ හරහා ප්‍රංශ රජය දැනුවත් කිරීමට නියමිතය.

ක්ලබ් වසන්ත නමැත්තා ඉතාම මිලේච්ඡ ආකාරයට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

හේමන්ත රන්දුණු

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version