Home Local News ගාල්ලේ රැස්වීමේ දී ජනාධිපති අපේක්ෂකයා එළියට!

ගාල්ලේ රැස්වීමේ දී ජනාධිපති අපේක්ෂකයා එළියට!

0

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ලබන 27 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ‘මව්බිම’ පුවත්පත මේ බව සඳහන් කළා.

ඒ අනුව එදින ගාල්ලේ දී පැවැත්වෙන රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ඇති.

මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ද ලබන 27 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කිරීමට නියමිත බව ද අදාළ පුවත්පතෙහි සඳහන්.

මේ අතර හෙට (21) ගම්පහ පැවැත්වීම නියමිත රැස්වීමේ දී තම අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කරගෙන සිටින බවටයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවාදීන් අතර පවතින බරපතළ බෙදීමක් හේතුවෙන් එය කල් දමා ඇති බව සඳහන්.

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටි පිරිස මේ දක්වා එක් කරගැනීමට නොහැකි වීම ඊට හේතුව වනවා.

ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව ගමනක් යා යුතු යැයි අදහස් කරන පිරිස් මෙතෙක් එක ස්ථාවරයක නොමැති බවයි, ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් මව්බිම පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version