Home Uncategorized සජිත්ගේ ජීවිතයත් අනතුරේ!

සජිත්ගේ ජීවිතයත් අනතුරේ!

0

ජනාධිපතිධුර අපේක්ෂකයන්ට එල්ල වී ඇති බව කියන තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර තිබෙනවා.

ඔවුන්ට ආරක්ෂාව ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එය කැඳවීමට කටයුතු කරන ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගියදා මැතිවරණ වේදිකාවක දී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

ඉන් අනතුරුවයි, මෙරට ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ ඉහළ අවධානය යොමු වී ඇත්තේ.

මේ වනවිට සමගි ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජන ඇති බව විදෙස් බුද්ධි සේවා අනාවරණ කර ඇති බව සඳහන්.

මේ බව පසුගියදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන් ම සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා වන නීතිඥ තිසත් විජේගුණවර්ධන ද මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට කතානායකවරයාගෙන් ඉල්ලා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව කතානායකවරයා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවා සාකච්ඡා කර තිබුණා.

එහි දී පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version