Home Uncategorized අලුත් පුහුණුකරු කොන්ඩ කපලා කරාඹු ගැලෙව්වා!

අලුත් පුහුණුකරු කොන්ඩ කපලා කරාඹු ගැලෙව්වා!

0

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් මීට වඩා නිහතමානී වන්නේ නම් තරග පරදින විට ප්‍රේක්ෂකයින්ගේ දෝෂාරෝපණයට ලක් නොවනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය ක්‍රීඩකයින්ගේ විනයට මුල් තැන් දී කටයුතු කරන බවයි, අමාත්‍යවරයා අවධාරණය කළේ.

“අපි කලබල විය යුතු නැහැ. කණ්ඩායම නිහතමානී වුණා නම්.. ඇටිඩියුඩ් එක වෙනස් වුණා‌ නම් මැච් පැරදුණා කියලා ක්‍රීඩකයින්ට ලංකාවේ මිනිස්සු බැනලා නැහැ මෙතෙක් කල්. මිනිස්සු හරි ආදරය කළා. ඒ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. එතුමා ඉස්සෙල්ලා ම මට ආරංචි විදිහට කරලා තියෙන්නේ, ඔක්කොගේම කොණ්ඩ කපලා.. කරාබු ගලවලා.. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ක්‍රීඩාවට විනය කියන දෙයක් අවශ්‍ය වෙනවා. මං හිතන්නේ සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කරා. ක්‍රීඩාවට ගොඩාක් ආදරය කළා. ලොකු ලෙන්ගතුකමක් කරා. ආරම්භය හොඳට මතක් කරගෙන හිටියා. මං හිතනවා දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙනවා. ඒක ක්‍රීඩකයන්ගේ වරදක් නෙවෙයි. මේ තියෙන කාලය පිළිබඳ ප්‍රශ්නයක්..”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version