Home Local News නව යොවුන් දරුවන්ට ඒඩ්ස්!

නව යොවුන් දරුවන්ට ඒඩ්ස්!

0

පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

එහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සඳහන් කළේ වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක් බවය.

එච්.අයි.වී රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම සියයට 14 ක වර්ධනයක් ඇති බව ඇය පවසයි.

මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින් වේ.

මේ අතර 15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version