Home Local News ‘ලොකු පැටීගේ’ ඊළඟ ටොපිය කන්නේ ‘ටැටූ’

‘ලොකු පැටීගේ’ ඊළඟ ටොපිය කන්නේ ‘ටැටූ’

0

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සිදුකරන ප්‍රකාශ මාධ්‍යයට මුදා හැරීම සම්බන්දයෙන් මේ වනවිට සමාජයේ දැඩි කථාබහක් මතුව තිබෙන අතර, මේ පිළිබඳ පාර්ලිමේන්තුවේද විශේෂ අවධානයකට ලක්ව තිබෙනවා.

පොලීසියේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, මෙම කටයුත්ත හේතුවෙන් සැකකරුවන්ගේ ජීවිතද අනතුරට ලක්කර ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ පා.ම. දයාසිරි ජයසේකර,

“ඊයේ පෙරේදා රූපවාහිනීවල අපි දැක්කා හෝගාලා යනවා ක්ලබ් වසන්තට වෙඩි තියපු ටැටූ ආයතනය දාපූ ටැටූ මල්ලිගෙන් පොලීසියේ සීනියර් ඩී.අයි.ජී. කෙනෙක් ප්‍රශ්න අහනවා.

දැන් මොකක්ද කරන්නේ, අර මල්ලිගේ ජීවිතයත් අනතුරට ලක්කරල තියෙන්නේ.

ඇයි, මිනිහා කියනවා මට මේක ආවේ පැටීගෙන් කියලා.

දැන් පැටීගෙන් ඊ ටොපිය කන්නේ ටැටූ.

මේක හෙන ප්‍රශ්නයක්.

අනිත් එක මිනිය තිබුණා මෝචරියේ.

ඒ මෝචරියේ තියෙන මිනිය පොටෝ ගහලා එවනවා සමාජ මාධ්‍ය වලට.

ඔහුගේ බඩ කපන හැටි, ඔළුවට උන්ඩ යන හැටි.

සම්පූර්ණයෙන් මේ මෝචරියේ ඉන්න අය වගකිව යුතුයි. ඔවුන්ගේ වැඩ තහනම් කළ යුතුයි” යනුවෙන් පවසා සිටියා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version