Home Local News ෆවුසි කාර්යාල දුම්රියෙන් මගීන් දෙදෙනෙක් ඇද වැටෙයි!

ෆවුසි කාර්යාල දුම්රියෙන් මගීන් දෙදෙනෙක් ඇද වැටෙයි!

0

දුම්රිය වර්ජනය හේතුවෙන් අඩාල වූ දුම්රිය සේවය හමුවේ පළමු මිනිස් ජීවිත බිල්ල වාර්තා වී තිබෙනවා.

අඩාල වූ දුම්රිය ධාවනටය හමුවේ මගීන් නිවෙස් කරා යාමට නොහැකිව පීඩාවට පත්ව තිබියදි දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ධාවනය කරවූ පොල්ගහවෙල දක්වා ධවනය වන කාර්යාල දුම්රියෙන් බටුවත්ත බෙම්මුල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙක් ඇද වැටීමෙන්.

මින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

දුම්රිය ධාවනය වන අවස්තාවේදී මගීන් සීමාව ඉක්මවා පිරී ඉතිරි ගොස් සිට ඇතැයිද සඳහන්.

කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය හමුවේ දී දුම්රිය වෘත්තිය සමිති පැවසුවේ වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version