Home Local News ජනපති රනිල්ට බැසිල්ගේ සහාය!

ජනපති රනිල්ට බැසිල්ගේ සහාය!

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේදීත් රට ගැන සිතා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කළුතර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

”රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි. ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්.

අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා.

අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා. ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක ඒ රටත්, ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලා ඔබතුමාට සඳහන් කරනවා.”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version