Home Local News පියුමිගේ සුපිරි රිය කුඩු ජාවාරම්කරුගේ නිවසින් හමුවෙයි!

පියුමිගේ සුපිරි රිය කුඩු ජාවාරම්කරුගේ නිවසින් හමුවෙයි!

0

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ.

මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප‍්‍රදේශයේ සැගව සිටියදීය.

ඔහු සතුව තිබූ මෝටර් රථය පියුමි හංසමාලි නමින් මිලට ගෙන තිබූ එකක් බව හෙළිදරව් වී ඇත.

එම සුඛෝපභෝගී මෝටර් රථය සඳහා රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිතව තිබි ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version