Home Local News මාරක බෝතලය ගැන දිවි බේරාගත් ධීවරයා හෙලිකරයි!

මාරක බෝතලය ගැන දිවි බේරාගත් ධීවරයා හෙලිකරයි!

0

මුහුදෙ පාවෙලා ආව බෝතලයක තිබුණු දියර වර්ගයක්, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මත්පැන් යන අනුමානයෙන් පානය කරලා පහුගිය දවසක ධීවරයින් පිරිසකට ජීවිත අහිමි වුණා.

මේ පිරිස අතර උන්නු සුමිත් කුමාර, එහෙම එම දියර පානය කළ ධීව­ර­යන් 06 දෙනා අත­රින් දිවි රැක­ගත් එකම පුද්ගලයා.

ඔහු තමන් ඇතුළු පිරිස මුහුණ දුන්නු ඒ අත්දැකීම ගැන හම්බ­න්තොට වරාය පොලි­සි­යට ප්‍රකාශයක් ලබාදීලා තිබුණා.

එම ප්‍රකාශයට අනුව, මුල් උගුර පම­ණක් පානය කළ ඔහු එතනින් එහාට අදාළ දියර පානය නොකර ඉන්න තීරණයක් අරන්. ඒ, අනිත් අයටත් ‘බොන්න එපා’ යන අවවාදයත් දීලම…

“මුහුදේ පාවෙ­මින් තිබුණු බෝත­ලය දැක්කම කට්ටි­යම කිව්වා ඒක විස්කි බෝත­ල­යක් කියලා.

පස්සේ බොහොම අමා­රු­වෙන් ඒක කට්ටි­යම එකතු වෙලා ගොඩගත්තා.

බෝතලේ සීල් කඩල තිබ්බෙත් නැහැ. හැමෝම බෝතලේ කටේ තියා­ගෙන බිව්වා.

මටත් දුන්නා. උගු­රක් බොන­කොට බඩ පපුව දන්න ගත්තා.

ඒ වෙලාවේ මම අනිත් අයට කිව්වා ඕක බොන්න එපා කියලා.

කවු­රුත් ඒ කියන දේ ඇහුවේ නැහැ. හොඳ­ටම බිව්වා.

පැයක් හමා­රක් යන­කොට කට්ටිය බඩ­වල් අල්ල­ගෙන කෑ ගහන්න ගත්තා.

එක්කෙනා දෙන්නා මැරිල වැටෙ­න­කොට මම දැන ගත්තා බීපු බෝතලේ විස වෙලා කියලා.

මම ඉක්ම­න­ටම උයන්න තියෙන පොල් ගෙඩි­ය­කින් කිරි මිරි­කලා බිව්වා.

උණු වතු­රත් බිව්වා..”

“අනිත් අය මැරිල වැටෙ­නවා මම දැක්කා. මට ජීවත් වෙන්න අව­ස්ථා­වක් ලැබෙයි ද කියලා හිතා ගන්න බැරි වුණා.

මම බෝට්ටුවේ තිබ්බ රේඩි­යෝ­වෙන් ගොඩ­බි­මට පණි­විඩ දුන්නා…”

(උපුටාගැනීම් : දිනමිණ පුවත්පත ඇසුරින්)

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version