Home Local News සියදිවි නසා ගත් සිසුවා සහ සිසුවිය පිලිබඳව තවත් තොරතුරු රැසක් හෙළි වෙයි!

සියදිවි නසා ගත් සිසුවා සහ සිසුවිය පිලිබඳව තවත් තොරතුරු රැසක් හෙළි වෙයි!

0

කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක පාසල් සිසුවියක සහ සිසුවෙකු සියදිවි නසා ගැනීම සම්බන්ධව තවත් තොරතුරු රැසක් හෙළිව තිබෙනවා.

ඒ අනුව මොවුන් දෙදෙනා කොළඹ ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියේ ඉගෙනුම ලබනමින් සිට ඇති බවත් ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සබඳතාවක් පැවැති බවත් පොලිස් පරීක්ෂණ වලදි හෙළිව තිබෙනවා.

ඊයේ (02) පාසල අවසන් වී ඔවුන් දෙදෙනා සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදි ඔවුන් ඇඳුම් මාරු කර, පාවන් ගලවා ඔවුන්ගේ බෑගයන්ද එම මධ්‍යස්ථානයේ තබා 67 වැනි මහලට ගොස් තිබෙනවා.

එහිදි ඔවුන් එම මහලට පිවිස ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයට පිටතින් ඇති තරප්පු පෙළ ඔස්සේයි.

අනතුරුව ඔවුන් එම මහළෙන් බිමට පැන සියදිවි නසාගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

එම මහළින් පැන ඇති ඔවුන්ගේ සිරුරු හමුව ඇත්තේ මහල් 70කින් යුත් එම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 03 වන මහලේ ඇති වායුසමීකරණ යන්ත්‍ර සවිකර ඇති ස්ථානයේ තිබියදියි.

එම යන්ත්‍රවලට කැපී ඔවුන්ගේ සිරුරුවලට බරපතළ හානි සිදුව තිබෙනවා.

මියගිය සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිසුවිය කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් සඳහන්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version