Home Local News ඇප නැතුව ණය දෙන්න මාලිමා බැංකුවක්!

ඇප නැතුව ණය දෙන්න මාලිමා බැංකුවක්!

0

ජාතික ජන බලවේග රජයක් යටතේ තරුණ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උන්මාදයක් ඇති කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එම තරුණයන් සඳහා මූලික ප්‍රාග්ධනයක් ඇප නැතිව ලබාදීම සඳහා තම රජයක් යටතේ නව සංවර්ධන බැංකුවක් බිහි කරන බවද ඔහු පැවසීය.

ඒ හරහා නව තරුණ පරම්පරාවට අලුත් ආර්ථික අවස්ථා බිහි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම එහිදී තවදුරත් පැවසුවේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කැකිරාව නගරයේ පැවති එම පක්ෂයේ අනුරාධ දිස්ත‍්‍රික් තරුණ සමුළුවක් අමතමිනි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version