Home Local News ලංවිම සේවකයන් අඩු කර නව වැටුප් ක්‍රමයක්!

ලංවිම සේවකයන් අඩු කර නව වැටුප් ක්‍රමයක්!

0

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධන පදනම් කරගත් දිරි දීමනා සහ උසස් වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට ඇති සේවකන් 26,000ක සේවක ලැයිස්තුව සංශෝධනය කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමග කළ සාකච්ඡාවකදි මෙම තීරණයන්ට එලඹි බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යුහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව ද එහිදි වෘත්තිය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version