Home Local News රනිල් බලයට ගෙනාවේ ප්‍රශ්න ටික විසදන්න!

රනිල් බලයට ගෙනාවේ ප්‍රශ්න ටික විසදන්න!

0

ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බව පැවසූ තිස්ස කුට්ටිආරච්චි මහතා රනිල් වික්‍රමසිංහ නැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත් කාංචනලා ෂෙහාන්ලා ඒ වැඩේ හරියට කරන බවද ප්‍රකාශ කළා.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදීයි.

පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කිරීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළා.

“නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා” යැයිද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version