Home Entertainment ආදරය සහ රාගය කියන්නෙ වෙන් කරන්න බැරි දෙයක්!

ආදරය සහ රාගය කියන්නෙ වෙන් කරන්න බැරි දෙයක්!

0

අන්තර්ජාතික රූපරාජිනියන් තේරීමේ තරගයක් වන Miss Glam World 2024 තරගාවලිය ජුනි මස 03 වනදා සිට ජුනි මස 10 වනදා තෙක් පුරා දින අටක් ඉන්දියාවේ කොචිං නගරයේදි පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ සඳහා ආසියානු යුරෝපානු සහ අප්‍රිකානු රටවල සුරූපී නිරූපිකාවන් තරගකාරිනියන් ලෙස සහභාගි වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිරූපණ ශිල්පිනී මෙනුෂි බණ්ඩාර Miss Glam World 2024 අන්තර්ජාතික රූපරාජිනියන් තේරීමේ තරගයේ තරගකාරිනියක් වී සිටිනවා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයේ රන් අකුරින් බබළවන්න සූදානම් වන මෙනුෂි එක්ක අපි පිළිසඳරක යෙදුණා.

මෙනුෂි ගැන විස්තර ටිකක් කියමුද ?

 මගේ නම මෙනුෂි චාතූර්යා බණ්ඩාර, පදිංචිය කෑගල්ල, වයස අවුරුදු 25යි. වෘත්තියෙන් මේ වෙද්දි නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා.

 නිරූපිකාවක් වුණේ කොහොමද?

 පුංචි කාලෙ ඉඳලා අදහසක් තිබුණා නිරූපිකාවක් වෙන්න. ඉතින් තරුණ කාලෙට ආවට පස්සෙ ඒ හීනය සැබෑ කරගන්න හිතාගෙන ප්‍රවීණ නිරූපණ ශිල්පී brian kerkoven යටතේ නිරූපණය හදාරලා ක්ෂේත්‍රයේ වැඩකරන්න පටන්ගත්තා. නිරූපණය හදාරලා මෝස්තර නිරූපිකාවක් විදිහට කටයුතු කරන අතරතුර 2018 වසරේදි මම ස්වර්ණවාහිනි අවුරුදු කුමාරි තරගයේ තරග වැදිලා දෙවෙනි ස්ථානයට හිමිකම් ලබනවා. ඒ වගේම සිරස කුමරිය 2019 තරගවලියේ පළමු ස්ථානයේ ජයග්‍රහණයද මට හිමිවුණා. ⁣

පවුලෙ අය කැමති වුණාද නිරූපිකාවක් වෙනව⁣ට ?

මගේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලියි. අපේ හැකියාවෙන් ඉස්සරහට යනවට අම්මයි තාත්තයි ගොඩක් කැමතියි. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න මට ලොකු සහයෝගයක් පවුලෙ අයගෙන් ලැබෙනවා. මේ වෙද්දි මගේ මල්ලිත් නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යනවා.

කොහොමද තරගයට ඉදිරිපත් වෙන්නේ ?

නිරූපණ ශිල්පීන් ශිල්පිනියන් පුහුණු කරන ලංකාවෙ ජනප්‍රියම ආයතනයක් වන The walk model academy හරහා තමයි මම Miss Glam World 2024 තරගයේ තරගකාරිනියන් බවට පත්වුණේ. The walk model academy ආයතනයේ දසුන් විජේසිංහ තමයි මාව අන්තර්ජාතික පැජන්ට් එකකට තරග කරන්න පුළුවන් විදිහට පුහුණු කෙරුවෙ. ඒ වගේම ජාතික අධ්‍යක්ෂ වින්සන්ට් රෙනෝල්ඩ්වත් ⁣මම මේ අවස්ථාවෙදි මතක් කරනවා.

නිරූපණ ක්ෂේත්‍රයේ ඉදරියට යන්න ඇඟේ හැඩයත් බලපාන්න ඇතිනේ?

ඔව්. හැමෝටම පිහිටන්නෙ නැති වෙනස් විදිහෙ උස ලස්සන ඇඟක් මට තියනවා. කෑම පාලනයෙන් සහ ව්‍යායාමවලින් තමයි මම ලස්සනට ඇඟ පවත්වගෙන යන්නෙ. ඉතින් ඇඟේ හැඩය, උස, ක්ෂේත්‍රයේ අවස්ථා හම්බවෙන්න සහ ජයග්‍රහණ ලැබෙන්න ගොඩක් බලපෑවා.

පුළුල් හැඩයේ උකුළක් තියෙන්නෙ නිතර ව්‍යායාම කරන නිසාද?

නැහැ. පුළුල් හැඩයේ උකුළක් ලැබිලා තියෙන්නෙ මට උපතින්මයි. මගේ අම්මටයි තාත්තටයි තමයි ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන.

නිරූපණයෙදි සරාගීකම අවශ්‍ය වෙනවද?

ඔව්. නිරූපිකාවක් විදිහට ඇඟේ හැඩයෙන් ආකල්පවලින් පෞරුෂයෙන් අනිත් අය අතරෙ කැපිලාපේන විදිහෙ සරාගී ආකර්ෂණයක් තියෙන්න ඕන. ඒ සියලු දේවල්වලින් පරිපූර්ණ සරාගි ගති ලක්ෂණ මම ගාව තියනවා කියලා හිතනවා.

නිරූපණයෙදි බිකිනි වගේ ඇඟ පේන ඇඳුම් අඳින්න වෙන එක ගැන මොකද හිතන්නෙ?

බිකිනි අඳිනවා කියන්නෙ නිරුවතින් ඉන්නවා කියන එක නෙමෙයි. නිරූපණයෙදි බිකිනි අඳින එක සාමාන්‍ය දෙයක්. ඇඟේ හැඩය පේන්නයි බිකිනි අඳින්නෙ. සීමාවක් තියාගෙන ටිකක් ඇඟ පේන විදිහෙ ඇඳුම් අඳින එක වැරැද්දක් නැහැ.

රඟපාන්න අවස්ථා ලැබුණත් නිරූපණය නිසා මඟහැරුණා කියලා ආරංචියි?

ඔව් හැබැයි මම එක චිත්‍රපටයක රඟපෑවා. ඒ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අජිත් පී. ධර්මසූරිය අධ්‍යක්ෂණය කරපු වර්ණ චිත්‍රපටයේ. ලක්ෂ්මන් මෙන්ඩිස්, ජයනි සේනානායක, විශ්ව කොඩිකාර, චමත්කා ලක්මිණී වගේ දක්ෂ නළු නිළියො එක්ක තමයි ම⁣ට රඟපාන්න ලැබුණෙ. ඒ නිර්මාණයෙන් පස්සෙ මට තවත් රංගන ආරාධනා ලැබුණා. හැබැයි ඒ වෙද්දි මම නිරූපණය හදාරමින් හිටියෙ. ඉතින් මට හිතුණා රංගනය පැත්තට ගියොත් නිරූපණ කටයුතුවලට බාධාවෙයි කියලා.

තරුණියක් විදිහට ආදරය ගැන මොකද හිතන්නෙ?

ආදරය කියන්නෙ හොඳ දෙයක්. හැබැයි ආදරය ලස්සන වෙන්නෙ හොඳ කෙනෙක් සහකාරයා කරගත්තොත් විතරයි.

ප්‍රේම සම්බන්ධයකදි වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ ආදරයද රාගයද ?

ආදරය සහ රාගය කියන්නෙ වෙන් කරන්න බැරි දෙයක්. ආදරය තියන තැන රාගය තියනවා. සාර්ථක විදිහට ආදර සම්බන්ධතාවයක් පවත්වගෙන යන්න ආදරය වගේම රාගයත් සමසමව තියෙන්නෙ ඕන. ආදරය කරලා නැති නිසා එහෙම අත්දැකීම් නැහැ.

ආදරය ගැන කලකිරිලද තනිකඩවම ඉන්නෙ?

කිසිම කලකිරීමක් නැහැ. මම කැමැතියි ජීවිතය තව සාර්ථක කරගෙන ආදර සම්බන්ධතාවක් ගැන හිතන්න.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version