Home Local News ආන්ඩුවේ 7ක් සජබට!

ආන්ඩුවේ 7ක් සජබට!

0

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමගි ජන බලවේග පක්ෂය සමග එක්වීමට සූදානමින් සිටින බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.

එම මන්ත්‍රීවරුන් දැනටමත් සමගි ජන බලවේග පක්ෂය සමඟ එක්වීමට එකඟතාවයකට පැමිණ ඇති බවත් ඔවුන් එක්කර ගැනීමෙන් පසුව පැවරෙනු වගකීම් සම්බන්ධයෙන් මේ දිනවල අවසන් වටයේ සාකච්ඡා පැවැත්වෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ඉදිරි සියලු මැතිවරණ වලට තරඟ වදින්නේ සමගි ජන සන්ධානය යටතේ බවත් ඉදිරි දින කීපයේදී සමගි ජන සන්ධානය එළිදැක්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version