Home Local News අනුරට දිනන්න බැරි හේතුව මෙන්න!

අනුරට දිනන්න බැරි හේතුව මෙන්න!

0

මෙවර ලියාපදිංචි ජන්ද දායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂයක් (ලක්ෂ 171) වන අතර, ඉන් 80%ක් ජන්දය භාවිත කළොත් (ලක්ෂ 140) රටේ පාලකයා වීමට හෙවත් ජනාධිපති වීමට ලක්ෂ 70ක් ලබාගත යුතුය.

ජාතික ජන බලවේගයට 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද 418,553 (3.16%) ද, පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 445,950 (3.84%) ලබාගත හැකිවිය.
අවසාන මැතිවරණ දෙකේදීම ඔහුන්ට ලබාගත හැකිවූ උපරිම ඡන්ද සංඛ්‍යාව 450,000 කි.

ජාතික ජන බලවේගය ජයගැනීමට තව 65 ලක්ෂ 50ක් ගත යුතුය. එය මැතිවරණ දිස්ත්‍රික්ක 22 කදී එක් දිස්ත්‍රික්කයකින් 318,000ක් ගත යුතුය.
දිස්ත්‍රික්ක දෙකක ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව 320,000ට අඩුය. (වන්නි 306,000, ත්‍රිකුණාමලය 314,000)
එම දිස්ත්‍රික්ක දෙකේ බහුතරයක් දමිළ ජනතාව බැවින් ජාතික ජන බලවේගයට ඡන්දය ලැබීමේ ඉඩකඩ ඉතා අඩුය.

යාපනය, මඩකළපුව, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක තුනද දමිළ හා මුස්ලිම් ජනයා බහුතරයක් සිටින බැවින් ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද සංඛ්‍යාව ඉතා සීමිතයි.

යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක 5ටම ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව 100,000 වුවහොත් ඉතිරි දිස්ත්‍රික්ක 17න් එක් දිස්ත්‍රික්කයෙන් 400,000ට වැඩි ප්‍රමාණයක් ලබාගත යුතුය.

පොළොන්නරුව 352,000යින් 400,000ක් ජාතික ජන බලවේගයට කිසිසේත් ලබාගත නොහැක.
මාතලේ, මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 430,000ට අඩුය. (මොනරාගල 400,000, මාතලේ 430,000) එයින් 400,000 ජාතික ජන බලවේගයට ලබාගත හැකිද…? ඉතිරි දිස්ත්‍රික්ක 14 දී එක් දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ 5ක් ලබාගත යුතුය.

හම්බන්තොට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 523,000 න් ලක්ෂ 5ක් ජාතික ජන බලවේගයට ලබාගත හැකිද?

කෑගල්ල (710,000), නුවරඑළිය (603,000), පුත්තලම (661,000), මාතර (688,000), බදුල්ල (705,000), අනුරාධපුරය (743,000) දිස්ත්‍රිකවල ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 750,000ට අඩුවන අතර, ඉන් එක් දිස්ත්‍රික්කයකින් ලක්ෂ 500,000ක් ජාතික ජන බලවේගය ලබාගැනීම යනු 75%කි.

රත්නපුරය (925,000), ගාල්ල ( 900,000), දිස්ත්‍රික්ක දෙකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 70%ක් ගත යුතුය.
යම් හෝ පමණින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකි වනුයේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 5 තුළය. එයද ලක්ෂ 7ත් 8ත් අතර වැඩි ඡන්ද ප්‍රමාණයන් විය යුතුය.

මේ අනුව ජාතික ජන බලවේගය හෙවත් JVP එකට කිසිසේත් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමට නොහැක. පළමුව ජනාධිපතිවරණය පැවත්වුවහොත් ඔවුන්ට ලබාගත හැකි උපරිම ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 25කි.

ජනාධිපතිවරණයේදී ලැබෙන පරාජයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ලක්ෂ 20ට අඩුවන බව නිසැකය. ඒ අනුව ඔවුන්ට වඩා වාසි වනුයේ මුලින්ම පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වීමයි. එයින් මන්ත්‍රී ධුර 25ක් 30ක් ලබාගැනීමට හැකියාව තිබිණි.

සියලු සිහින බිඳීයෑම තුළින් NPP හෙවත් JVP කඩාවැටීම ආරම්භ වනු ඇත. දෙකඩ වීම නියතය. NPP හා JVP තියා උතුර දකුණ හොයාගැනීමට මාලිමාවටත් බැරිවනු ඇත.

උපුටා ගැනීමකි

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version