Home Local News පාස්කු වන්දි කාදිනල්ගේ සාක්කුවටද?

පාස්කු වන්දි කාදිනල්ගේ සාක්කුවටද?

0

පාස්කු ප්‍රහාරයෙන් පසු කාදිනල් හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

පොළොන්නරුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරයෙන් පසු තමා මෙන්ම නොයෙක් ව්‍යාපාරික ප්‍රජාව සහ ජාත්‍යන්තර සංවිධාන වින්දිත සෑම පවුලකටම වන්දි ලබා දීමට පියවර ගත් බවත් එම මුදල් කිසිවක් අදාල වින්දිතයන් සඳහා ලබා දී නැති බවයි.

“මම ගිනස් පොතට ගිහින් තියෙන්නේ නඩු 400 ගණනක් තිබෙන නිසා. කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ණඩු 400 ගාණක් දැම්මා. මැරිච්ච අයට එක නඩුවයි අතපය කැඩිච්ච අයට එක නඩුවයි. වන්දි ගෙවන්න කියලා. නමුත් මම ජනාධිපතිවරයා කාළේ ඒ හැම කෙනෙකුටම පැහැදිලිවම මම වන්දි ගෙව්වා.”

කතෝලික සංවිධාන, ලෝකයේ රටවල්වලින්, විවිධ සංවිධානවලින්, ලංකාවේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ආදී නොයෙකුත් අය කාදිනල් හිමිට පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සල්ලි දුන්නා. ඒ අය දුන්න සල්ලිවලට මොකද වුණේ කියලා කරුණාකරලා කාදිනල් හිමි ඉදිරිපත් කරනවා නම් හොඳයි නාමලේඛනයක්. මෙන්න මට ලැබුණු සල්ලි, මෙන්න මම දුන්නා කියලා. ඒ සත පහක් වින්දිතයින්ට දුන්නේ නෑ. මම ආණ්ඩුවෙන් සල්ලි ගෙවලත් ජනාධිපති කාළේ මට නඩු දාලා තියෙනවා මට වන්දි ගෙන්නයි කියලා.”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version