Home Local News මේ වගේ උන්ට චන්දේ දෙන්න එපා!

මේ වගේ උන්ට චන්දේ දෙන්න එපා!

0

විපක්ෂ නායක හා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් පාර්ලිමේන්තුවේ දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

පාර්ලිමේන්තුවේ ඇමතීම සඳහා කාලය වෙන් කර ගැනීම මුල් කරගෙන ඇති වූ ගැටලුවක් මත ඔහු අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු ආණ්ඩු පක්ෂයෙන් වෙලාව වෙන් කරගෙනයි.

එහිදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර දැඩි චෝදනා එල්ල කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාටද නම් නොකියා චෝදනා එල්ල කලේය.

තාත්තා ජනාධිපති වූ පලියට පුතාට වැනි අයෙකු ට කිසි දවසක මෙරට නායකත්වයට පත් නොකළ යුතු බව ජනතාව තේරුම්ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

ඔහු වැනි තකතිරුවෙකු රාජ්‍ය නායකත්වයට පත් කර රට කිසිදා මේ අපායෙන් ගොඩගත නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

තමන් කැසිනෝ කාරයන්ගෙන් ජාවාරම් කාරයන්ගෙන් මුදල් ගෙන පාසල් සහ රෝහල්වලට බඩු බෙද බෙදා නොයන බවද පැවසූ ඔහු මධ්‍යම අධිවේගී මාර්ගයෙන් ගසාකා නැති බවත් කියා සිටියේය.

අද එම මධ්‍යම අධිවේගේ පාරේ කොටස් ගැලවී බිම ඇද වැටෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් සමගි ජන බලවේග පාර්ශවයෙන් එම ප්‍රකාශයන් සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල සහ මුජිබර් රහුමන් යන මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වූහ.

ඔවුන් කියා සිටියේ ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා එය නොලැබුන හේතුවෙන් පක්ෂයට මෙසේ චෝදනා එල්ල කරන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version