Home Local News බැසිල්ට එරෙහිව නැගී සිටිනවා!

බැසිල්ට එරෙහිව නැගී සිටිනවා!

0

69 ලක්ෂයේ බලපොරොත්තු බලගන්වන සර්වජන බලය මහා ජන රැළිය 18 වනදා නුගේගොඩ එළිමහන් වේදිකාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව සර්වජන මුලස්ථානයේදී පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා හැටනවලක්ෂය යනු පුහු ඉලක්කමක් නොව එය රටට ආදරය කරන සියලු ජනතාවගේ අපේක්ෂාවන්ගේ සංකේතයක් බව ප්‍රකාශ කළේය. එම අපේක්ෂාවන් සුන් වුයේ රාජපක්ෂවරුන් මත තැබූ විශ්වාසය නිසා බවත් එම අපේක්ෂාවන් වෙනුවන් තමන් ඇතුළු සර්වජන බලය එකමුතුව වග කියනු ලබන බවත් ඔහු එහිදී අවධාරණය කළේය. ඇමරිකානු පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂ හැටනවලක්ෂයක් ජනතාව විශ්වාස කළ ජාතිකත්වයේ අපේක්ෂාව පාවා දෙන්නේ නම් ඊට එරෙහිව නැගී සිටින බවද දිලිත් ජයවීර මහතා මෙහිදී සදහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ පැවසිය.

” මේ රටට ආදරය කරන සියලු ජනතාවට කියන නම තමයි හැටනවලක්ෂය කියන්නේ. හැබැයි හැටනවලක්ෂය අවඥාවට ලක් වුණේ සර්ව ජන බලය නොතිබුණු නිසා. වෙන් වෙන්ව සටන් කිරීමට උත්සහ කළ නිසා. එම නිසා තව දුරටත් අපි ඒ හැටනවලක්ෂය අවඥාවට ලක් වීමට සුදානම් නැහැ. හැටනවලක්ෂයේ අපේක්ෂාවන් නියෝජනය කර ගැනීම සදහා ඒ අවස්ථාවේදී තිබුණු යතාර්ථය තුල මහින්ද රාජපක්ෂ අපේ අවශ්‍යතාවය සදහා ඔහු ඉදිරියට ගත්තා. නමුත් මේක කාගේවත් සින්නක්කර අයිතියක් නොවේ. රටේ හැටනවලක්ෂය කියන්නේ මේ රටේ මහජනතාවගේ අපේක්ෂාවන්. හැටනවලක්ෂය කියන්නේ මේ ඡන්ද හැටනවලක්ෂයකට නෙවේ. ඒ නිසා සින්නක්කර ඔප්පුව තියෙන්නේ අපි ගාව. සර්ව ජන බලය ලග තමයි තියෙන්නේ. ”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version