Home Local News ආගමානුකූලව ජීවත් වෙන්නේ මාලිමාවේ අප පමණයි!

ආගමානුකූලව ජීවත් වෙන්නේ මාලිමාවේ අප පමණයි!

0

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ බෞද්ධාගම සඳහා ලබාදී තිබෙන ප්‍රමුඛතා කිසිසේත්ම අහෝසි නොවන බවත් ජොජබ හා බුදු දහම අතර ගැටුම් නිර්මාණය කරන්නේම ආගමට අනුව ජීවත් නොවන පුද්ගලයන් බවත් එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ලන්ඩන් හි පැවැති ජන හමුවේදී අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා පැවැසුවේ ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගය පමණක් බවත් 9 වැනි වගන්තියට අත තැබීමේ වුවමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටවත් නොමැති බවත්ය.

ජාජබ රජයක් යටතේ බුද්ධාගමට සැලකිලි අඩුවෙන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්දැයි එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා මේ බව කීය.

ඔහු මෙසේ ද පැවැසීය.

අපේ විරුද්ධවාදී කණ්ඩායම් අපට එරෙහිව අසත්‍ය සහ අවලාද මට්ටමේ තොරතුරු යැවීම ඔවුන්ගේ කාර්ය බවට පත් කරගෙන තිබෙනවා. ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි. ඔවුන් කරනු ලබන ඒ ප්‍රකාශය අසත්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ බෞද්ධාගම සඳහා ලබාදී තිබෙන ප්‍රමුඛතා කිසිසේත්ම අහෝසි වෙන්නේ නැහැ.

2015 සිට 2019 දක්වා ලංකාටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ මුලිකත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් නැගුණේ නැහැ. හැම දෙනාම 9 වැනි වගන්තිය පිළිගනිමින් සාකච්ජාව කළා. ඒ නිසා මේ හදන්නේ අනියත බියක්. 9 වැනි වගන්තියට අත තබන්නේ නැහැ. අත තැබීමේ වුවමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටවත් නැහැ.

– අනුරාධා හේරත්

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version