Home Local News රාජ්‍ය ඇමැතිලා රොත්තම රනිල්ට!

රාජ්‍ය ඇමැතිලා රොත්තම රනිල්ට!

0

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවට රාජ්‍ය ඇමැතිවරුන්ගේ අති බහුතරයක් පොදුජන පෙරමුණේ නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුන් තිස්පස් දෙනාගෙන් තිස් දෙදෙනෙකුම ජනපතිවරයා වෙනුවෙන් ඍජුව පෙනී සිට ඇති අතර ආණ්ඩුව මෙම තීරණය ගතහොත් පොදුජන පෙරමුණේ බෙදීමක් කිසිසේත් සිදු නොවන බවද සඳහන් කර තිබේ.

දැනට සිටින රාජ්‍ය ඇමැතිවරුන්ගෙන් දෙදෙනකු ඉදිරියේදී යළි දේශපාලනයේ නිරත නොවන නිසා මෙම තීරණයේදී ඔවුන් නිහඬව සිට ඇතැයි ද වාර්තා වෙයි.

ජනපතිවරයා අපේක්‍ෂකයා කළ යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන තරුණ රාජ්‍ය ඇමැතිවරුන් දැඩි ලෙස පෙනී සිටින බවද වාර්තා වෙයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version