Home Local News ස්පා කතුන් කාමරයට කොටු කර කොල්ලෝ ගහපු ගේම මෙන්න!

ස්පා කතුන් කාමරයට කොටු කර කොල්ලෝ ගහපු ගේම මෙන්න!

0

කඳාන නගරයේ සම්බාහන මධ්‍යස්ථානයකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කඩා වැදුණු පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් එහි තිබූ රුපියල් හතලිස් දහසක මුදලක් සහ ජංගම දුරකථන හයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කඳාන පොලීසිය පවසනවා.

මෙම කල්ලිය සම්බාහන මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරයා සහ එහි තෙරපිවරියන් ලෙස සේවය කරන කාන්තාවන් අට දෙනා එක් කාමරයකට ඇද දමා කාන්තාවන් හය දෙනෙකු ලඟ තිබූ ජංගම දුරකථන හයක්ද සම්බාහන මධ්‍යස්ථානයේ තිබූ රුපියල් හතලිස් දහසක මුදලක්ද කොල්ලකා කුඩා ප්‍රමාණයේ වෑන් රථයක ගැනී පලා ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

සම්බාහන මධ්‍යස්ථානයේ ඇති CCTV කැමරා සම්බන්ධ කර ඇති ඩී.වී.ආර් යන්ත්‍රයද මෙම කල්ලිය විසින් ගලවාගෙන ගොස් ඇති බවත් පොලීසිය පවසනවා.

කඳාන පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිළධාරීන් කණ්ඩායමක් සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පලාගිය සැකකරුවන් අත්අඩංඟුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි පැවසෙන්නනේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version