Home Local News මන්ත්‍රීරු 40ක් පක්ෂ මාරුවකට සූදානම්?

මන්ත්‍රීරු 40ක් පක්ෂ මාරුවකට සූදානම්?

0

විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 කට ආසන්න සංඛ්‍යාවක් සිය දේශපාලන පක්ෂය වෙනස් කිරීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. ඒ අතර ප්‍රධාන පක්ෂවල තනතුරු දරන 15 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟ වී ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජාතික ජන බලවේගය සඳහා සහාය දීමට තීරණය කර ඇත.

මේ අය පක්ෂ මාරුව සම්බන්ධයෙන් දැනටමත් නායකයන් සමඟ සාකච්ඡා කොට අවසන් කර ඇති අතර අදාළ තීන්දුව මැතිවරණය කැඳවීමෙන් පසුව ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version