Home Local News ජනපතිට වසරක දිගුවක්?

ජනපතිට වසරක දිගුවක්?

0

ජනමත විචාරයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධූර කාලය දීර්ඝ කර ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව “මව්බිම” පුවත්පත වාර්තා කර තිබේ.

මේවන විට මේ පිළිබඳව නීති ක්ෂේත්‍රයේ විශාදයින්ගේ මතය විමසීමට ජනපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති බවත්, ඔවුන්ගේ මතය වී ඇත්තේ ජනපතිවරයාගේ ධූර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දීර්ඝ කිරීමට අවස්ථාවක් ඇති බව යැයි එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

2015 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් ජනපතිවරයාගේ වසර 6ක්ව පැවැති ධූර කාලය වසර 5ක් දක්වා ඒ අවස්ථාවේ අඩුකාලා සේම, පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් ධූර කාලය වසර 5 සිට 6 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාම මහතා සදහන් කරන බවද පැවසේ.

ඒ අවස්ථාවේ ජනමත විචාරණයක් නොපැවැත්වුණ බවද ඔහු කියා සිටී.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 83(ආ) ව්‍යවස්ථාවේ ඇත්තේ ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ ධූර කාලය සය අවුරුද්දක් ඉක්මවා දීඝ කරන්නා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි.

යම් හෙයකින් ජනපතිවරයාට 2/3ක බහුතරයක් නැතිවුවහොත් ජාතික වැදගත්කමින් යුත් කාරණයක් ලෙස ජනමත විචාඑණයකින් සම්මත කර ගැනීමට හැකියාව පවතින බවද පැවසේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version