Home Sports නිල වශයෙන් එලියේ…සිංහයෝ ආපසු හැරෙයි!

නිල වශයෙන් එලියේ…සිංහයෝ ආපසු හැරෙයි!

0

මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) නිල වශයෙන් ඉවත් වුණා.

ඒ, නෙදර්ලන්තය සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරගයේ තීරණයක් ලැබෙන තත්ත්වයට පත් වීම හේතුවෙන්.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනු නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 159ක්.

එහි දී ශකිබ් අල් හසන් නොදැවි ලකුණු 64ක් ලබාගත්තා. එය ඔහු ඉනිම් 20කට අනතුරුව රැස්කරගත් පළමු අර්ධ ශතකය වනවා.

පන්දු යැවීමේ ආර්යන් ඩට් සහ පෝල් වැන් මීක්රේන් කඩුලු 02ක බැගින් දවාගත්තා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා යන නෙදර්ලන්ත කණ්ඩායමට මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 03ක් දැවි ලබා සිටින ලකුණු සංඛ්‍යාව 79ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 08 දෙනාගේ වටය සඳහා බලාපොරොත්තු තබා ගත යුතුයි නම් මෙම තරගය විසඳුමකින් තොරව අවසන් විය යුතුයි.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගයක දී ලකුණු හඹා යන කණ්ඩායමයක් පන්දුවාර 5කට මුහුණ දෙනු ලබන්නේ නම් අදාළ තරගයේ ජය පැරදුම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තීරණය කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති.

කෙසේ වෙතත් මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය ලබන 17 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version