Home Local News පාතාලය සහ කුඩු අවසන්!

පාතාලය සහ කුඩු අවසන්!

0

වචන වලට හෝ කයිවාරුවලට සීමා නොවූ වැඩපිළිවෙළක් ප්‍රායෝගිකව මේ මහපොලොව තුළ යථාර්ථයක් කර අවසන් බවත්, එහි ප්‍රතිඵලය ලෙස 2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරන බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම අදහස් පළ කලේ 12 වන දින බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කිරීමේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට සහ ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරඟයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ මෙරට තුල විශාල පරිවර්ථනයක් සිදු කරමින් 2023 දෙසැම්බර් මස 17 වන දින අරම්භ කල “යුක්තිය” මෙහෙයුම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ බවත්, එය සාර්ථක ලෙස 178 වන දිනයද පසුකල බවත්ය.

මෙම මෙහෙයුම් ක්‍රියාවලිය තුලින් මේ වන විට දිවයින පුරා සිදු කල වැටලීම් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එක් ලක්ෂ තිස්අට දහස් එකසිය දහසයක් සහ ලැයිස්තුගත අපරාධ කල්ලි 91ක සාමාජිකයන් 965 ක් අතුරින් අපරාධකරුවන් 703 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහල අගයක පවතින බවත් සඳහන් කල පොලිස්පති තුමන්,

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ එකමුතුකම තුලින් 2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මුළුමනින්ම අවසන් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාකි නිල ඇඳුම අඳින නිලධාරීන් වෙන කවරදාටත් වඩා තම උපරිම කැපවීමෙන් අවංකව ක්‍රියා කරන බවත්, සුළු පිරිසක් හැර මේ රටේ මහජනතාව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි ඉමහත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවද, පොලිස්පති තුමන් වැඩිදුරටත් පැවසීය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version