Home Local News ගණිකා ජාවාරමේ යෙදුන ටෙලි නිලිය අත්අඩංගුවට!

ගණිකා ජාවාරමේ යෙදුන ටෙලි නිලිය අත්අඩංගුවට!

0

ධනවතුන් සමග බීමත්ව තරු පන්ති හොටෙල් හා සාමාජ ශාලා මෙන්ම සුපිරි නිවාස සංකීර්ණ වලට කුලී රථ සේවා මගින් කාන්තාවන් සපයමින් සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා නිළියක් ඇතුළු කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවන ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර මෙන්ම බියගම ප්‍රදේශවල පදිංචිව සිටින අය බවයි පොලීසිය පවසන්නේ.

මෙම නිළිය සරාගී චිත්‍රපට විශාල ගණනක සහ රූපවාහිනි නාලිකාවල විකාශය වූ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇතැයිද සඳහන්.

වට්සප් මාර්ගයෙන් ඇය සිය ගණුදෙනුකරුන් වෙත සුරූපි කාන්තාවන් ගෙනවිත් දී රුපියල් 30,000සිට ඉහළ විවිධ මිල ගණන්වලට අලෙවි කරන බවයි හෙළිව ඇත්තේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version