Home Local News මහමැතිවරණයෙන් ආසන 120ක් ගන්න හැටි අනුර කියයි!

මහමැතිවරණයෙන් ආසන 120ක් ගන්න හැටි අනුර කියයි!

0

ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, හම්බන්තොට දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ තරුණ සමුළුව අමතමින්.

මේ වනවිට ජාතික ජනබලවේගය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තුනක්.

මෙම සංඛ්‍යාව 120 හෝ 130ක් වනු ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටි‌යේ.

“ජනාධිපතිවරණයෙන් පසු අපි පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. දැන් ජාතික ජන බලවේගයට ඉන්නේ මන්ත්‍රීවරු තිදෙනයි. මේ සංඛ්‍යාව 120, 130 පන්නනවා.

එයින් කියැවෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් සාමාන්‍ය ගොවි, ධීවර අම්මා තාත්තාගේ අලුත් තරුණ පරම්පරාවේ විශාල පිරිසක් එළඹෙන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වනවා.

පළාත් සභාවලටත් මේ රට වෙනස් කිරීමේ හැඟීමක් තිබෙන නැවුම් තාරුණ්‍යයේ පිරිසකගෙන් පිරෙන්න ඕනෑ.

මෙතෙක් කල් කුණු වුණු, දූෂිත පවුල් සංස්ථාවට යට වුණු ජනාධිපති, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන නැවුම් ක්‍රියාකාරිත්වයෙන් පිරෙන්න ඕනෑ.

සැබැවින්ම මිනිසුන්ට ආදරය කරන, මාතෘ භූමිය එක්ක සැබෑ බැඳීමක් තිබෙන පරම්පරාවක් අතට දේශපාලන බලය ලබාදී නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කරනවා.

සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 05 වෙන කොට මැතිවරණ කොමිසමෙන් ජනාධිපතිවණය පවත්වනවා. ඉදිරියට තිබෙන්නේ මාස හතරයි.

ඒ කාලය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමෙන් නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමේ ස්ථාවරය අපි ලබා ගනිමු.

ඉන් පසුව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන අපේ අම්මා තාත්තලාගේ ජීවිත සතුටින් පිරුණු ආදරය ලැබෙන තත්වයට පත්කරමු.”

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version