එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය කවුන්සිලය (ECOSOC) සඳහා ශ්‍රී ලංකාව තේරී පත් වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ,ජුනි 7 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම පැවැත්වුණු බව ය.
එහිදී සාමාජික රටවල් 189න් පක්ෂව ජන්ද 182ක් ලබා ගෙන ඇති ශ්‍රී ලංකාව 2025 ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වසර තුනක ධූර කාලයක් සඳහා පත්වී සිටින අතර, ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජන්ද ගණන කලාපයේ රටක් ලබා ගත් දෙවන ඉහළ ම ඡන්ද ගණන බවට පත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.