Home Local News තනතිලි හොද නෑ – බැට් කරන්න බෑ..

තනතිලි හොද නෑ – බැට් කරන්න බෑ..

0

ඇමරිකාවේ ලෝක කුසලාන තරගාවලට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම්වලට ලැබී ඇති තනතීරු හොඳ තත්ත්වයේ නොපවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි.

පුහුණු සැසි අතරතුර කිසිවෙකුට නිසි ලෙස පන්දුවට පහර දීමට නොහැකි වූ බවද ඔහු පැවසීය.

ගත වූ දින කිහිපය ශ්‍රී ලංකා කණ්ඩායමට දුෂ්කර වූ බවත් ඇතැම් ගුවන් ගමන් සදහා පැය කිහිපයක් ගත වූ බවටත් ඔහු චෝදනා කරයි.

කෙසේ නමුත් ඒවා නිදහසට කාරණාවක් කර ගැනීමට බලාපොරොත්තු නොවන බවද පවසන ඇන්ජලෝ මැතිව්ස් සියලු බාධක මැද වුවද ඉදිරි තරග ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට විවිධ අපහසුතා මා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇතැයි චෝදනා එල්ල වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු සැසි වාරයක් සඳහාද අවස්ථාව ලැබී ලැබී තිබුණේ දින දහයකට පමණ පසුවය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version