Home Local News මෙම තිරිසනා දුටුවානම් ලඟම පොලීසියට දන්වන්න!

මෙම තිරිසනා දුටුවානම් ලඟම පොලීසියට දන්වන්න!

0

සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන කුඩා දරුවෙකුට පහර දෙන ආන්දෝලනාමක වීඩියෝව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම වීඩියෝව අනුව සැකකරු වැලිඔය හංසවිල ගම්මානයේ පදිචි පුද්ගලයෙකු වන බවයි පොලීසිය පවසන්නේ.

අදාල වීඩියෝව ලද විගස වැලිඔය ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධව ක්‍රියාත්මක වී වීඩියෝව පටිගත කල ලිපිනය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව වැලිඔය වෙන පියවර කල්යාණිපුර ප්‍රදේශයේ නිවසක් හඳුනාගෙන තිබෙනවා.

පසුව පොලිසිය විසින් එම නිවසට ගොස් පරීක්ෂකා කර ඇති අතර ඒ වන විටත් අදාල පිරිස විසින් එම නිවස වසා දමා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

කුඩා දරුවා හට පහර දෙන සැකකරු ඉතා දැඩි ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වූ අයෙකු වන බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පවසන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version